අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරිමට අනුකාරක සභාවක්

    සැප්තැම්බර් 22, 2018

    අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා ගරු ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සභාපතීත්වයෙන් අනුකාරක සභාවක්

    අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා වු අමාත්‍ය කමිටුව පත් කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    මේ සඳහා ගරු ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වය යටතේ තවත් අමාත්‍යවරු 10 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කර ඇත. මෙම කමිටුවේ සමාජිකයින් ලෙස ගරු ආචාර්ය සරත් අමුණුගම මැතිතුමා, ගරු රවුෆ් හකීම් මැතිතුමා, ගරු වජිර අබේගුණවර්ධන මැතිතුමා, ගරු මහින්ද අමරවීර මැතිතුමා, ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා, ගරු පලනි දිගම්බරම් මැතිතුමා, ගරු තලතා අතුකෝරළ මැතිතුමිය, ගරු මනෝ ගනේෂන් මැතිතුමා හා ගරු මහින්ද සමරසිංහ මැතිතුමා යන අමාත්‍යවරුන් පත් කර ඇත.

     


    මෙහි දී අනු කමිටුවට සහාය වීම සඳහා හා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා සහායක කමිටුවක් පත් කිරිම සඳහා ද නිර්දේශ වී ඇත. එම සහායක කමිටුව සමන්විත වන්නේ ගරු නීතිපතිතුමාගේ සහ /හෝ එතුමාගේ නියෝජිතයෙක්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙක්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයෙක්, රාජ්‍ය පරිපාලන,කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙක්, සහ විදේශ කටයුත අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙක් වශයෙන් ඉදිරිපත් කර ඇත.


    එමෙන්ම ජාතික සමගිය හා සහජිවනය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අනුකමිටුවේ කැඳවුම්කරු ලෙස පත් කිරීම සදහා යෝජනා කර ඇති අතර මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ යෝජනා ක්‍රියාත්මක කිරිමට ඉදිරි වසර 03 (2019-2021 )කාලය සඳහා ජාතික අයවැය මගීන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමටත් නිර්දේශ වී ඇත.

     

    අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් 2018 අගෝස්තු මස 05 දින ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව මගීන් හානි පුර්ණය සඳහා වන නෛතිත වගකීම සඳහා ගත යුතු පියවරත්, එවැනි සිදුවිම් යලි සිදු නොවීමට වගබලා ගැනීම සඳහා වන නෛතික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත. එසේම හානියටපත් පාර්ශවයන් වෙත මුල්‍යාධාර වැඩසටහන්, අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහන ලබාදීමේ වැඩසටහන් , වෘත්තීය පුහුණු හා ජිවන තත්ත්වය වැඩිදියුණු කිරිමේ වැඩසටහන් සම්බන්ධයෙන් වන නිර්දේශ ද ඉදිරිපත් කර තිබේ.

     

    නීතීඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya