Print this page

''ජනබලය කොළඹට” විරෝධතාවය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි- මහජනතාව පීඩාවට පත් කළ නොගැලපෙන වැඩක්

සැප්තැම්බර් 06, 2018

පොදු විපක්ෂයේ "ජනබලය කොළඹට” විරෝධතාවය සම්පූර්ණයෙන් ම අසාර්ථක වූ මහජනතාව පීඩාවට පත් කළ නොගැලපෙන වැඩක් බව රජයේ මැති ඇමැතිවරු පවසති.

පොදු විපක්ෂයේ "ජනබලය කොළඹට” විරෝධතාවය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරු පිරිසක් ඊයේ (5) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ අඳහස් පළ කළේ ය.

මෙම විශේෂ මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේ, පොදු විපක්ෂයේ ආධාරකරුවන්ට වත්මන් රජය හඳුන්වා දුන් සුව සැරිය ගිලන් රථ සේවයේ පිහිට පතීමට සිදු වූ බව සඳහන් කළේ ය.

රාජ්‍ය ආයතනවලට පමිණීමට හෝ පාසල් පමිණීමට කිසිදු බාධවක් නොවන බවද අමාත්‍යවරයා පැවසී ය.

මෙහිදී අඳහස් දක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා, සේවයට එන්න පුළුවන්.රථවාහන මාර්ගයේ අවහිර කරන්න ඉඩ දෙන්නේ නෑ.පොලීසිය ඒ සඳහා ඉඩ ලබා දෙන්නේ නෑ.

මෙය දුරදිග නොබලා කළ විරෝධයක්.කොළඹ නගරයේ ජනතාවට කිසිම උනන්දුවක් තිබුණේ නෑ. කොළඹ ව්‍යාපාරිකයන් ට බලපෑමක් සිදු වුණා. මහජනතව පීඩාවට පත් වුණා. සංචාරකයින් සහ සංචාරක හොටල්වලට බලපෑවා. අද උද්ඝෝෂනයේ අරමුණක් නෑ. එක එක නයකයෝ එක එක කරුණු කියනවා. ඒකාබද්ධ විපක්ෂය ලැජ්ජාශීලී ලෙස අසර්ථක වුණා යැයි පැවසී ය.

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා; මරමස්ථාන වටකරන්න සූදානමක් තිබුණා. දවල් වනවිට ජන සහභාගීත්වය මදි වුණා. ලේක් හවුස් වටරවුමට ගොනු වුණා. ප්‍රධාන ඉලක්කය දවල් වනවිට අසර්ථක වුණා යැයි
පැවසී ය.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා; ජනබලය අසර්ථක මෙහෙයුමක් බවට පත් වුණා.ඉතාම අසාර්ථකයි.දරුවන් පාසල් වලට ගෙන යන්න බැරි වුණා. මහජන දිනයක්.මෙයින් පීඩාවට පත් වුණේ ජනතාවයි.මේක රජය වට්ටන්න නොවේ කළේ, ඊළඟ නායකත්වය තහවුරු කරගන්න කළ වැඩක්.රජයට බලපෑමක් නෑ. රජය වැටුනේ නෑ යැයි පැවසී ය.

 මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා; කොළඹට ගෙනා විරෝධය දැවැන්ත පසුබෑමක්.දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍යයෙන් ලබාදුන්නා.අසර්ථකත්වය පැහැදිළි වුණා. කිසිම සැලසුමක් තිබුණේ නෑ. වෘත්තීය සමිති විශ්වවිද්‍යාල සිසුන් මීට වඩා හොඳ උද්ඝෝෂණ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා;අද ලණුවක් කළා.කොළඹට ජන ගඟක් එනවා. ආණ්ඩුව පෙරළනව කිව්වා. කාගෙන්වත් පණිවුඩයක් අවශ්‍ය නෑ. මේ රජය හොඳින් ගෙන යනවා යැයි පැවසී ය.