Print this page

පොදු විපක්ෂයේ නඩු විභාගවන ස්ථානවලට යම් යම් දේ සිදු කිරීමට යන බවට තොරතුරු ලැබිලා තිබෙනවා

සැප්තැම්බර් 04, 2018

පොදු විපක්ෂයේ විශාල පිරිසකට චෝදනා එල්ල වී තිබෙන බවත් එම නඩු පැවැත්වෙන ස්ථානවලට කොළඹදී පවැත්වීමට යන උද්ඝෝෂණයේ දී යම් යම් කටයුතු සිදු කිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එම ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (04) සවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී සිදු කළ විශේෂ මාධ්‍ය සකච්ඡව අමතමින් පැවසී ය.

ඒකබද්ධ විපක්ෂය විසින් හෙට (5) කොළඹදී පවැත්වීමට යන උද්ඝෝෂණය රජය විසින් කඩකප්පල් කිරීමට හා බාධා කිරීමට උත්සහ කරන බවට සිදු කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

 

විශේෂ අධිකරණයටත්,එෆ්.සී.අයි.ඩී එකටත් තොරතුරු ලැබිලා තිබෙනවා, නඩු ෆයිල්න සහ නඩු කටයුතුවලට බධා එල්ල කරන බවට. පොදු විපක්ෂයේ අයට චෝදනා එල්ල වී තිබෙනවා. විශේෂ අධිකරණයේ නඩු විභාග වෙනවා. ඒ තැන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. යම් යම් තොරතුරු ලැබෙනවා. විශේෂ නඩු තියෙන ස්ථන සම්බන්ධව යම් යම් දේවල් සිදු කරන්න කටයුතු කරනවා කියලා තොරතුරු ලැබෙනවා. එම ස්ථාන ආරක්ෂා කරන්න කටයුතු කරනවා.පෙළපාලි නවත්වන්න උදෝෂණ නවත්වන්න කිසිම දෙයක් කර නෑ. වැරදි අර්ථකථනයක් දී තිබෙනවා. උද්ඝෝෂණයකට වෙඩි තියන්නේ නෑ. සාමකමි උද්ඝෝෂණයකට උදව් කරන්නයි අපි බලන්නේයැයි ද අමාත්‍යවරය පැවසී ය.