අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිරිහඩු සෑය පුජාභූමියක් ලෙසින් සංවර්ධනය කිරිමේ වැඩසටහන 25 දා ඇරඹේ

    අගෝස්තු 21, 2018

    ත්‍රිකුණාමලයේ ගිරිහඩු සෑය විහාරස්ථානය පුජා භූමියක් ලෙසින් සංවර්ධනය කිරිමේ ආරම්භ වැඩසටහන අගෝස්තු මස 25 වෙනිදා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතාගේ  ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (21)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දි පැවසීය.

    ගිරිහඬු සෑය ප්‍රදේශය පුජා නගරයක් ලෙසින් සංවර්ධනය කිරිමට වර්තමත රජය තිරණය කර තිබෙනවා.අගමැතිතුමා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළ පරිදි මෙම ස්ථානය සම්පුර්ණයෙන් ම සංවර්ධනය කරන බව සඳහන් කළා.මෙහිදි කතානායක කරු ජයසුරිය මහතාගේ මුලිකත්වටයන් හා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් පුෂ්ප කුමාර මහතා හා අනිකුත් නිලධාරින්ගේ සහයෝගයෙන් විශාල වැඩ කොටසක් මේ වනවිට කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍ය අජිත් පි.පෙරේරා මහතා පැවසී ය.

    පූජා භුමියේ ජලය නොමැති විම හේතුවෙන් එයට පිළියමක් ලෙසින් කිලෝමීටර 5ක් පමණ දුරකින් ජල සම්පාදන මණ්ඩලය විසින් නළ ළිං සාදා ජලය ලබා දීමට කටයුතු කොට තිබේ. ඊට අමතරව ජලය පිරිපහදු කිරිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජල පිරිපහදු යන්ත්‍රයක් ප්‍රදානය කොට ඇත.

    මිට පෙර විවිධ උත්සව අවස්ථාවන් සඳහා වන්දනකරුවන්ට අවශ්‍ය ජලය බවුසර් මඟින් ලබා දි තිබෙනවා.සුනිත්‍ය බල ශක්ති අධිකාරිය මඟින් මෙම ප්‍රදේශයට කිලෝ වොට් 7 ධාරිතාවයකින් යුත් සුර්යය බලය ලබා දි තිබෙනවා.මෙම පුජා භුමියට ළඟා විමට විධිමත් මාර්ගයක් මෙ වන විට සකස් වෙමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. 


    ක්‍රි.පු 528 දි ගිරිගඩු සෑය බුදුන් වහන්සේ ජිව මානව සිටින කාලයේ දි තපස්සු භල්ලුක වෙළඳ සහෝදරයින් දෙදෙනා විසින් කරවා ඇති මෙම චෛත්‍යය ලෝකයේ ප්‍රථම දාගැබ ලෙසින් සැලකේ. මෙහි විශාල වටිනාකමකින් යුතු සෙල්ලිපි ආරක්ෂා කිරිමට ද කටයුතු කරන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, පුජාභුමි නගරය සැලැස්ම සකසන්නේ භෞතික සම්පත් දෙපාර්තමේන්තුව විසින් බවද  පැවසී ය.

    මේ අවස්ථාවට ගිරිහඩු සෑයේ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර චන්දිම නායක ස්වාමින් වහන්සේ සහ සේරුවිල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි වෛද්‍ය අරුණ සිරිසේන මහතා ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya