අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතා මානුෂීයත්වයේ හෘද සාක්ෂිය වෙනුවෙන් ප‍්‍රබල හඬක් නැගු බව ජනපති පවසයි

    අගෝස්තු 21, 2018

    එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි සම්මතයන්ට, හරයන්ට සහ මුලධර්මයන්ට අනුකූලව වසර පහක අනුයාත ධුර කාල දෙකක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට නායකත්වය ලබා දුන් කොෆී අනන් මහතා එකී සංවිධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් වූ පසුව ද සාමය, මානව අයිතිවාසිකම්, මානව ගරුත්වය සහ මානුෂීයත්වයේ හෘද සාක්ෂිය වෙනුවෙන් ප‍්‍රබල ලෙස හඬක් නැගු බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතාගේ අභාවය වෙනුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා වෙත විශේෂ ශෝක පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.

    කොෆී අනන් මහතාගේ අභාවය පිළිබඳ සිය දැඩි කනගාටුව ප‍්‍රකාශ කරන ජනාධිපතිතුමා එතුමාගේ දිරිගැන්වීමේ කුසලතාව, ප‍්‍රඥාව හා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිමේ හැකියාව සහ මෘදු කතා විලාසය අහිමි වීම ලෝක ජනතාවට පිරිමැසිය නොහැකි පාඩුවක් බව ද පෙන්වා දෙයි.

    වඩා යහපත් ලෝකයක් නිර්මාණය කරලීම සඳහා මඟපෙන්වූ නායකයෙකු ලෙස ලොව පුරා ජනතාව ඉතා ගෞරවාන්විත ලෙස කොෆී අනන් මහතා සිහිපත් කරනු ඇති බව සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා රජයත්, සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව තුළත් එතුමා කෙරෙහි පවතින කෘතවේදිත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද සඳහන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya