මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අගෝස්තු 29,30,31 දිනයන්හිදී මොණරාගලදී

    අගෝස්තු 21, 2018

    ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව මත පදනම්ව ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන ආකාරය පෙන්වන ''එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය'' ලබන 29 දා සිට 31 වැනිදා දක්වා මොණරාගල දී පවත්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (20)මුදල් අමත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ ය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්වි පසුගිය අගෝස්තු 17 වනදාට වසර 3ක් සම්පූර්ණ වූණා.ජනතාව ලබා ගත් ජයග්‍රහණ මෙන්ම 2025 දක්වා වත්මන් රජයේ දැක්ම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මෙම ප්‍රදර්ශන මාලාව ගෙන යන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    එහිදී අඳහස් දැක් වූ අමාත්‍යවරයා,

    අවුරුදු 1500කට ප්‍රථමත් වෙළඳ ආර්ථිකයකට හිමිකම් කිවූ ලක් වැසියන්ගේ ජාන වල තිබෙන වාණිජ හැකියාව පණගන්වන රජයේ වැඩපිළිවෙලක්.රජය වසර 2025 තෙක් ගෙන යන මේ වැඩපිළිවෙලේ ප්‍රධාන යාන්ත්‍රණය මෙම ප්‍රදර්ශනය බවද අමාත්‍යවරයා පැවසීය.

    “රටක් දියුණු වෙන්නෙ ප්‍රධාන කුළුණු 02ක් මතිනුයි. එකක් ප්‍රජාත්‍රන්තවාදය, අනෙක සංහිිඳියාව. අද අපි ඒ දෙකෙන්ම ඉහළ තැනක ඉන්නවා. ඒත් යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුණත් සංවර්ධන ඉල්ක්ක අපට සපුරාගත නොහැකි වි තිබෙනවා.ඒ සංවර්ධන යුද්ධය තමයි අද අපි ගම්පෙරළිය වැඩසටහනින් ආරම්භ කරල තිබෙන්නේ.මෙම සංවර්ධන සංග්‍රාමය මොණරාගලින් අරඹන්නත් විශේෂ හේතුවක් තිබෙනවා. මොණරාගල කියන්නේ ඉතාම දිළිඳු දිස්ත්‍රික්කයක්. ඒ වගේම නිදහස් සටනට පණ පෙවූ වීරයන් සිටි දිස්ත්‍රික්කයක් . ඒත් අද වන විට මෙහි පවූල් 25,000කට පමණ වැසිකිළි පහසුකම් නැහැ. ඒ යටිතල පහසුකම් සියල්ලම මෙම ප්‍රදර්ශනයට සමගාමීව දියුණු කෙරෙන” බව අමාත්‍යවරයා පැවසීය.

    ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් අගෝස්තු 29 වන දා මෙම ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.මෙහි ප්‍රදර්ශන කළාප 12කින් පමණ යුක්ත වන අතර, කුටි 513 පමණ යුක්ත වේ. අධ්‍යාපන කළාප මෙන්ම ,ජනප්‍රිය සංගීත කණ්ඩායම් සහභාගී වන විනෝද කළාප වළින්ද ප්‍රදර්ශනය සමන්විත වේ.

    මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් විශේෂ බස් සේවාවක්ද ක්‍රියාත්මක කරනු ලැබේ.

    මෙම අවස්ථාවට රංජිත් මද්දුමබණ්ඩාර, විජිත් විජයමුණි සොයිසා, එරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුද මෙහිදී අදහස් දැක් වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya