අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018, ජනපති ප්‍රධානත්වයෙන් Featured

    අගෝස්තු 20, 2018

    ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රගහලේ දී පැවැත්විණි. 

    උසස් ප්‍රමිතියෙන් යුත් නිර්මාණශීලී ඡායාරූප කලාවක් ප්‍රචලිත කිරීමේ සහ උසස් ඡායාරූප රසඥතාවක් ඇති කිරීමට දායක වීමේ අරමුණ ඇතිව රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව වාර්ෂිකව රාජ්‍ය ඡායාරූප උලෙළ සංවිධානය කරනු ලබයි. 

     කලාවක් ලෙසත්, වෘත්තියක් ලෙසත් ඡායාරූප ශිල්පය ප්‍රශස්ත තලයට ඔසවා තබා ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යාම වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක නියැලෙන ඡායාරූප ශිල්පීන් අගයමින් සම්මාන පිළිගැන්වීම මෙහිදී සිදුවිය. 

     ඡායාරූප ශිල්පියෙකුට ජීවිත කාලයේදී එක් වරක් පමණක් හිමිකර ගත හැකි ,ඡායාරූප අභිමානී, යාවජීව සම්මානයෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා මහතා ජනාධිපතිතුමා අතින් පිදුම් ලැබීය.  

     මිනිස් ක්‍රියාකාරකම් හා පාරිසරික බලපෑම්, ජීවන රටා හා සංස්කෘතිකාංග, ස්වභාවදහම, වන ජීවී හා භූ දර්ශන, ජනමාධ්‍ය ප්‍රවෘත්ති හා ක්‍රීඩා යන ෙක‍ෂ්ත්‍ර සහ විවෘත අංශය නියෝජනය කරමින් පළමු ස්ථාන දිනාගත් ජයග්‍රාහකයින් වෙත සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

     අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජෙනරාල් අනූෂා ගෝකුල, රාජ්‍ය ඡයාරූප උපදේශක මණ්ඩලයේ සභාපති බර්ටි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya