අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක පණිවුඩය - බලංගොඩ සරත්මධු ලාංකේය චිත්‍ර කතා ඉතිහාසයේ නොමැකෙන, සදානුස්මරණීය සලකුණකි.

    අගෝස්තු 19, 2018

    බලංගොඩ සරත්මධු ලාංකේය චිත්‍ර කතා ඉතිහාසයේ නොමැකෙන, සදානුස්මරණීය සලකුණකි. ඔහුගේ අනන්‍ය සුන්දර සිතුවම් රටාවෙන් මැවුණු දේදුණු, කැළුම්, යුනිකෝ වැනි චරිත අද රසික සිත් තුළ ජීවමාන ය.

    චිත්‍ර කතා පත්තර කලාව මෙරටට හඳුන්වා දුන් යුගයේ තාරුණ්‍යයේ හදවත් සිත්තමෙන් ස්පර්ශ කළ සුවිශේෂී නිර්මාණකරුවා වශයෙන් සරත්මධු හැදින්වීම යුක්ති යුක්ත ය. එදා තරුණ පරපුර සරත්මධුගේ අභාවය වෙනුවෙන් මෙදා ශෝක වන අයුරු මුහුණු පොත ඔස්සේ මම දුටිමි.


    ලාංකේය චිත්‍ර කතා කලාවේ කේන්èය පෞරුෂයක් ගොඩනංවා ගනිමින් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බලංගොඩ සරත්මධූ නිර්මාණවේදියාගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ සැම, ඥාති හිත මිත්‍රාදීන්, රසික සැම වෙත මාගේත්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් බලවත් සංවේගය පළකරමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya