Print this page

මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර නිවාඩු ලබාදීමේ දිනය සංශෝධනය වෙයි

අගෝස්තු 16, 2018

සියලුම මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 20 වන සඳුදා දින නිවාඩු ලබාදීමට නියමිතව තිබුණ ද හජ්ජි උත්සවය නිමිත්තෙන් එම දිනය සංශෝධනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2018 අගෝස්තු මස 17 වන සිකුරාදා පාසල් පැවැත්වීමෙන් අනතුරුව නිවාඩු ලබා දී තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ