අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිෂන් සභාවක් පත් කෙරේ Featured

    අගෝස්තු 15, 2018

    සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුලු වැටුප් විෂමතා පවත්නා ඇතැම් සේවාවන්හි එම විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත්කරනු ලැබේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මෙම වැටුප් කොමිසම පත්කිරීමට  ඊයේ දින (14) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. රාජ්‍ය අංශයේ දැනට පවත්නා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නාවූ වැටුප් චක්‍රලේඛවල විධිවිධාන කෙරෙහිද අවධානය යොමුකර ඒ හරහා රාජ්‍ය සේවයට ඇතිවන්නා වූ බලපෑම් අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසමට මාස දෙකක කාලයක් ලබාදී ඇත.

     මෙම කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි දුම්රිය සේවාවද ඇතුළු වැටුප් විෂමතා පවත්නා රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතා ඉවත් කරමින් සමස්ත රාජ්‍ය සේවය සඳහාම නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya