ඓතිහාසික ශ‍්‍රී මහා බෝධියේ ආරක්‍ෂාව උදෙසා කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේදී ඉදිකරන ලද මීටර් 397 ක් වට ප‍්‍රමාණයකින් යුත් ශෛලමය ප‍්‍රාකාරය කාලයාගේ ඇවෑමෙන් විනාශමුඛයට යමින් තිබූ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය මඟින් නිසි විද්‍යාත්මක මූලධර්මයන්ට අනුකූලව එය සංරක්‍ෂණය කරන ලදී.
මහාවිහාර පරිශ‍්‍රයේ පිහිටා ඇති තවත් ප‍්‍රධාන ස්මාරකයක් වූ ගිණි පොකුණ නමින් ජනප්‍රවාදයේ හඳුන්වන මීටර් 27 ක් දිගින් ද මීටර් 17 ක් පළලින් හා මීටර් 18 ක ගැඹුරින් යුතු ඉපැරණි ශෛලමය පොකුණ ද පුරාවිද්‍යාත්මක සංරක්‍ෂණ න්‍යායන්ට අනුව සංරක්‍ෂණය අවසන් කොට විවෘත කිරීමට නියමිත ය. එමෙන්ම දුටුගැමුණු රජු විසින් කරවන ලද ලෝවාමහාපාය (පොහොයගෙය) ප‍්‍රතිසංස්කරණය කිරීම උදෙසා මුල්ගල තැබීම ද එදින සිදුකෙරේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක කෙරෙන අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රය සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු සැලැස්ම (2018- 2020) යටතේ රු. මිලියන 300 ක මූල්‍ය ප‍්‍රතිපාදන යොදවමින් ක‍්‍රියාවට නංවන මෙම සියලූ කාර්යයන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරේ.