මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය වර්ජනය අවසන්- දුම්රිය ගමනාගමනය හෙට වනවිට යථාතත්ත්වයට

    අගෝස්තු 12, 2018

    දුම්රිය වෘත්තීය සමිති කීපයක් විසින් දින කීපයක සිට වැටුප් ගැටළුවක් මුල් කරගනිමි කරගමින් ගෙන ගිය දුම්රිය වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති විසින් පියවර ගෙන ඇත. ඒ අනුව ධාවනය නොවූ දුම්රිය හෙට දිනය සිට සාමාන්‍ය තත්ත්වයෙන් ධාවනය වීම සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    ඒ අනුව මේ වනවිට දුම්රිය පාලක මැදිරියට සේවකයින් පිරිසක් වාර්තා කර ඇති බවත් සඳහන් කළ සාමාන්‍යාධිකාරීවරයා, හෙට දින වන විට දුම්රිය ගමනාගමනය යථාතත්ත්වයට පත් වනු ඇති බව ද ප්‍රකාශ කළේ ය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පොළොන්නරුවේ පිහිටි නිල නිවසේ දී අද (12) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

    පසුගිය 08 දින ආරම්භ කෙරුණු වර්ජනය හේතුවෙන් මගී ජනතාව මෙන්ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද බලවත් අපහසුතාවයට පත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya