Print this page

අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව අද ඇරඹේ

අගෝස්තු 10, 2018

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව අද (10) පෙ.ව.8.30ට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව විධිමත් ලෙස දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඊට සමගාමීව මාධ්‍ය කුසළතා සහ දැනුම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් දේශන මාලාවක් පැවැත්වීමට නියමිතය.