මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට ගුරුවරුන්ට පුහුණුවක්

    අගෝස්තු 09, 2018
    ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට ගුරුවරුන්ට පුහුණුවක් ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදයේ  Peace Corps සංවිධානය ඉදිරිපත් වී සිටියි.
     
     
     
    ඇමරිකාවේ Peace Corps සංවිධානය මගින් මෙම පුහුණුව ලබාදෙන අතර මේ පිළිබඳව Peace Corps සංවිධානය සහ අධ්‍යාපන අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණි. අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ Peace Corps සංවිධානය වෙනුවෙන් රොබට් හිල්ටන් මහතා මීට එක්ව සිටියහ.
     
    මේ නිමිත්තෙන් අධ්‍යපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (09) පැවති උත්සවයට අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද සහභාගී විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් මත ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු Peace Corps ආයතනයේ මූලික කාර්ය භාරය වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි අධ්‍යපනය නගා සිටුවීම සඳහා සහය දැක්වීමයි . මූලික අංශ 6ක් යටතේ ප්‍රාදේශීය පරිපාලන ආයතන , පාසල්,කුඩා ව්‍යවසායකයින් සමග මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙහි ආරම්භයක් ලෙසින් අද දින මෙම ගිවිසුමට අත්සන් තැබිණි.
     
    ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ඇමෙරිකානු Peace Corps  ආයතනයට ආරාධනා කළ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ස්තුතිවන්ත වන බව පැවසූ  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වත්මන් රජය අධ්‍යපනය නගා සිටුවීම සඳහා "ළඟම පාසල හොඳම පාසලයි " වැනි ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද පැවසීය.
     
    පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත් සා.පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ගෙන් 49% ක් පමණ ඉංග්‍රීසි භාෂා විෂය අසමත් වී ඇති බව පැවසූ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඉංග්‍රීසි ගුරුවරුන් තවදුරටත් පුහුණු කළ යුතු බවද කීය.
     
    Peace Corps  හෙවත් ස්වෙච්ඡා සාම ප්‍රජාවේ ආරම්භය ජෝන්.එෆ් .කෙනඩි විසින් වසර 57කටත් පෙර 1960 ඔක්තේබර් 14 දින් මිචිගන් සරසවියේදී පැවැත් වූ දේශනයකදී සිදු වූ අහඹු සිදුවීමක් දක්වා දිව යයි. ඇමරිකානුවන්ට තම රටට සහ ලෝකයට සේවය කිරීම සඳහා නව අවස්ථා බිහි කිරීමට ගත් නිර්භීත නව පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බව මෙහිදී අදහස් දැක් වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යත්‍යන්තර සබඳතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය ආචාර්යය මනීෂා වීරසිංහ පැස්කුවල් මහත්මිය පැවසුවාය.
     
     
    ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් රොබට් හිල්ටන් මහතා ඇතුළු පිරිසක්ද , Peace Corps ආයනතයේ නියෝජිතයන්ද, අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya