අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය මගීන්ගේ ප්‍ර‍වාහන අපහසුතා අවම කිරීමට රජය පියවර ගනී

    අගෝස්තු 09, 2018

    කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඊයේ (2018.08.08) සවස හදිස්සියේම ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ඇති වූ මගී අපහසුතාවයන් අවම කිරීම සඳහා පියවර කිහිපයක් ම ගෙන තිබෙන බව ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා පැවසීය.

    ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බවත් පාසල් නොපැවැත්වෙන කාලයක් බැවින් පාසල් බස් සේවාව සඳහා යෙදවූ බස් රථ 500ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතු යොදා තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

    තවද මාර්ග අවසරපත්  (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස්රථ ධාවනය කිරීමට අවසර ලබාදී තිබෙන අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය දැනුම්වත් කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකා යුද හමුදාව සතුව පවතින බස්රථ හමුදා සහය ඇතිව ධාවනයේ යෙදවීමට ද කටයුතු කර තිබෙන අතර මෙම පවතින තත්ත්වය පාලනය වනතුරු දුම්රිය සේවාව වෙනුවට විකල්ප සේවාවන් ලබා ගනිමින් සහය දක්වන ලෙස ද ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

    දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර  භාවිත කරමින් ශ්‍රීලංගම බස්රථවල නොමිලේ ගමන් කිරීමටද රජය අවසර ලබා දී ඇති බවත් විශ්‍රාමික දුම්රිය රියදුරන් යොදවා දුම්රිය වාර කිහිපයක් හෝ ධාවනය කිරීම සඳහා අවධානය යොමු කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ පිළිබඳව අදහස් දැක් වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා, දෛනික ගමන් වාරයන්ට අමතරව බස් රථ 100ක් පමණ යෙදවීමට  කටයුතු යොදා ඇති බවත් මේ පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් දුරකථන අංක 0117555555 ඔස්සේ විමසීම් සිදු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya