අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සමාජිකයින් දිවුරුම් දෙයි

    අගෝස්තු 09, 2018

    රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභපතිවරයා ඇතුළු සාමාජිකයින් දිවුරුම් දීම අද (09) පාර්ලිමේන්තුවේ දී සිදු විය.

    කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කළේ ය.

    විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා කොමිෂමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. සෙසු සාමාජිකයින් ලෙස හිටපු අභියාචනාධීකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා, හිටපු නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන  වි.කන්දසාමි, අයි.ජී.ගාමිණි අබේරත්න, සහ හිටපු අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඒ.එස්. පෙරේරා යන මහත්වරු දිවුරුම් දෙනු ලැබීය.

    දිවුරුම් දීමේ අවස්ථාවේ දී අඳහස් දැක් වූ කතානායකවරයා;

    මෙම පනත සම්මත කිරීම සුබවාදී ලකුණක්. එයින් රට තුළ විශාල වෙනසක් සිදු වෙනවා. වසර ගණනක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස විගණන පනත ගෙන ඒමට හැකි වුණා .තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා. විගණන පනත හරහා මෙම කටයුතු තවදුරටත් ශක්තිමත් ඉදිරියට ගෙන යා හැකි යි යැයි ද පැවසී ය.

    මෙහිදී අඳහස් දැක් වූ කොමිෂමේ සභාපති ගාමිණි විජේසිංහ මහතා සඳහන් කළේ, ආරම්භයක් ලෙස හොඳ පනතක් ඉදිරිපත් වී තිබෙන බවත් මෙහි අවසන් ප්‍රතිලාභය ජනතාවට ලැබෙන බවත් ඉතුරුවන සෑම ශතයක්ම මහජනතාවගේ මුදල් බවත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya