Print this page

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

අගෝස්තු 09, 2018
දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් ගමනාගමන අපහසුතාවයන් මෙන් ම ඒ සම්බන්ධයෙන් වන යම් ගැටලුකාරී තත්ත්වයන්  හා අවශ්‍යතාවයන්  සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් 0117 505 555 දුරකථන අංක හඳුන්වාදී ඇතැයි එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.
 
මගී ජනතාවගේ පහසුතාවය වෙනුවෙන් බස් රථ 6000ක් පමණ යොදවා ඇතැයි ද දුම්රිය වාරප්‍රවේශ පත්‍රය මගින් බස් රථවල ගමන් කිරීමේ පහසුකම් ද සළසා  ඇතැයි ද සභාපතිවරයා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.