Print this page

දුම්රිය වර්ජනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බස් 6000ක්

අගෝස්තු 09, 2018
දුමරිය සේවක වැඩවර්ජනය නිසා ගමනාගමන අපහසුකාවයන්ට මුහුණ පා සිටින මගී ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ බස් රථ 6000ක් ධාවනයට යොදා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.
 
මේ දිනවල පාසල් නිවාඩු බැවින් පාසල් සේවය සඳහා යොදා තිබූ බස් රථ 750ක් ද සාමාන්‍ය මගී ප්‍රවාහනයට යෙදවූ බවත් සියලු ම ලංගම සේවක නිවාඩු අවලංගු කොට ඇති බවත් සභාපතිවරයා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.