Print this page

උසස් පෙළ සිසුන් උදෑසනින් ම විභාග ශාලා වෙත පැමිණෙන්න - අධ්‍යාපන අමාත්‍යාංශය

අගෝස්තු 08, 2018

දුම්රිය භාවිතා කරන, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් හෙට (09) උදෑසනින් ම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

දුම්රිය වෘත්ති සමිති කීපයක් අද (08) සවස ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනා ගමනය ඇණහිට තිබේ. මේ හේතුව නිසා විභාගය වෙත පැමිණීමට නියමිත සිසුන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර විභාග ශාලා වෙත හැකි ඉක්මනින් පැමිණෙන්නැයි ඉල්ලීමක් කරයි.

මෙම හදිසි වැඩ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ, තම නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇත. දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

තවද,මාර්ග අවසරපත්   නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට ද අවසර දී ඇත. තවද විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමට ද කටයුතු කරනු ලැබේ.