අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 06 ක සිරදඬුවම්

    අගෝස්තු 08, 2018

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය දන්වා සිටි අතර වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය, සිරදඬුවම වසර 6කින් ගෙවී යන ලෙස දඬුවම් නියම කළේ ය.   

     අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව  අද (08) කැදවූ අවස්ථාවේදී මේ පිළිබඳව දැනුම් දී ඇත.

    2016 වසරේ දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමු කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya