අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව - මාධ්‍ය නිවේදනය

    අගෝස්තු 04, 2018

     මැති  ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව   (2018.08.03) දින බොහෝ මුද්‍රිත මාධ්‍යයන්හි පලව ඇති වාර්තාවන් කෙරෙහි  අපගේ අවධානය යොමු ව ඇත.

    2006.11.23 දින පාර්ලිමේන්තුවේ සිදු වූ යෝජනා සම්මතයක් අනූව පාර්ලිමේන්තුවේ මැති  ඇමති  වැටුප් වැඩි කිරීම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව සිදු විය යුතු බවට තීරණය වී  ඇත.

    මෙම පසු බිම මත, පසුගිය  දා අධිකරණ ක්ෂේත්‍රයේ සිදු වූ වැටුප් වැඩිවීම  පිළිබඳව සලකා බලා මැති  ඇමති වැටුප් ද ඒ අනූව ගැලපිය  යුතු බවට පෙන්වා දෙමින්  තමන් වෙත ලැබී  ඇති  දැනුම්දීම්  ගරු කථානායකතුමා විසින් අදාල  නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු  මහ ලේකම්වරයා වෙත  යොමු කරනු  ලැබ   ඇත.

    කෙසේ නමුත්, මැති  ඇමති  වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන්   තීරණයක් ගෙන නොමැති බවද  අවධාරණය කරමු.

    තීරණයකට එලඹීමේදී 2006.11.23  තීරණය පරිදි කටයුතු  කරන්නේ ද    නොඑසේනම් එය වෙනත් ආකාරයකට කටයුතු කල යුතුද යන්න පිළිබඳව  පාර්ලිමේන්තු පක්ෂ නායක රුස්වීමේදී කරුණු විමසීමෙන් අනතුරුව අවසාන වශයෙන්  පාර්ලිමේන්තුවේ මහජන  නියෝජිත  අදහස් ද විමසිමට  හැකියාව  ඇති බව දන්වා සිටිමු.

     

    කථානායක මාධ්‍ය  අංශය

    2018.08.03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya