අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු ඉහළ දැමීමට සිදු වුණේ වාහන අනයනයට වැය වන මුදල දෙගුණයකින් වැඩි වීම නිසයි

    අගෝස්තු 03, 2018

    මෙරටට ගෙන්වන ලද සී.සී.1000 සහ ඊට අඩු ධාරිතාවයෙන් යුත් මෝටර් රථ සඳහා අය කරන බද්ද වැඩි කිරීමට සිදු වුණේ,ඒ වෙනුවෙන් වැය වෙන විදේශ විනිමය ප්‍රමාණය දෙගුණයකින් ඉහළ යම නිසා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    වාහන ආනයනයට වැය වන විශාල මුදල් ප්‍රමාණය නිසා රටේ විදේශ විනිමය අනුපාතනයට ඇතිවන පීඩනය අවම කර ගැනීමේ අරමුණින් මහ බැංකුව සමඟ ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසුවේ, ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

    පසුගිය වසරේ මෙම ධරිතාවයෙන් යුත් වාහන මසකර 1000ක් පමණ මෙරටට ගෙන්වා තිබේ.මෙම වසරේ මුල්  මාස පහ තුළ වාහන 4500ක් ගෙන්වා ඇත.මෙම වාහන ආනයනය කිරීම වෙනුවෙන් 2017 වසරේ ඇමෙරිකානු  ඩොලර් මිලියන 316ක් වැයකොට ඇති අතර මේ වසරේ මුල් මාස පහ තුළ පමණක් මෙම ධරිතාවයේ වහන ගෙන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 666 වැය කොට ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    මීට පෙර වසර 2014 දී එනම් රාජපක්ෂ පලන සමයේ දී මෙම වාහන සඳහා සියයට 150%ක බද්දක් අය කළ  අතර ඒ අනුව එක් වාහනයකට රුපියල් මිලියන 1.65කට වැඩි බදු මුදලක් ගෙවීමට සිදු විය.එහෙත් මෙවර ගෙවිය
    යුතු බදු මුදල රුපියල් මිලියන 1.25ක් බවද අමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya