අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමහල් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ විවෘත කෙරේ

    අගෝස්තු 02, 2018


    ''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දින තුනක් තුළ ජනතා අයිතියට පැවරෙන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 60 ක් පමණ අද දින ජනගත කෙරුණු අතර, දෙමහල් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ඊයේ (01) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

    පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ කඩකාමර 24 කින් යුත් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ අලංකාරවත් සහ අංගම්පූර්ණ ලෙස ඉදිකර තිබේ.

    වෙළෙද සංකීර්ණය සහිත නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර අඩු ආදායම්ලාභීන් සදහා ඉදිකළ නිවාස 10 ක යතුරු ප්‍රදානය කිරීමට ද එක් විය.

    අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක අබේසිංහ, සාරතී දුෂ්මන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක කොළොන්නේ, සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුථ ප්‍රදේශයේ මැති ඇමතිවරු රැසක් ද, පොළොන්නරුව දිස්ත්‍රික්ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ඡායාරූප : සුදත් සිල්වා )

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya