අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පොළොන්නරුව ලක්ෂඋයන ප්‍රදේශයේ සංචාරයක ...

    ජූලි 23, 2018
     
    ''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන පොළොන්නරුවේ සංවර්ධන කටයුතු රැසක්  ඊයේ (22) ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර ඒ අතරතුර පොළොන්නරුව, ලක්ෂඋයන ගම්මානයේ ගිනිපෙට්ටි පාලමට නුදුරින් ඇති සපත්තු පාලම ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්විය.
     
    එහිදී ජනාධිපතිතුමා වාරිමාර්ග නිලධාරින්ට උපදෙස් දුන්නේ එම සපත්තු පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසය. එම ස්ථානයට පැමිණ සිටි තම ප්‍රදේශවාසී ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන්  සමග  සුහද කතා බහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
     
    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වූ බැදිවැව ප්‍රදේශයේ පදිංචි බිසෝ මැණිකා මහත්මියගේ සුවදුක් විමසීමට ද මෙම සංචාරය අතරතුර දී ජනාධිපතිතුමා එක්විය.
     

    ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya