අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා බස් මගී පර්යන්ත පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් සමීක්ෂණයක්

    ජූලි 23, 2018

    ජාතික ගමනාගමන කොමිසන් සභාව හා එක්ව ප්‍රවාහන අමාත්‍යාංශය දිවයින පුරාම බස් මගී පර්යන්ත අවශ්‍යතාවයන් පිළිබඳව සමීක්ෂණයක් ආරම්භ කර ඇත.

    ඒ අනුව මගී පර්යන්ත අවශ්‍යවයන් පිළිබඳවත්, පවතින බස් මගී පර්යන්ත පිළිබඳව පවතින අඩුපාඩු හා ගැටලු පිළිබඳවත් ජාතික ගමනාගමන කොමිසන් සභාව දැනුවත් කරන මෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මගීන්ගෙන් හා ප්‍රවාහන අධිකාරි වෙතින් ඉල්ලිම් කරන බව ප්‍රකාශ කළේය.

     

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම ඉල්ලීම කරන ලද්දේ ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් රුපියල් ලක්ෂ 170 ක වියදමකින් කින්නියා නගරයේ ඉදි කළ නව බස් මගී පර්යන්ත ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවේදීය.

     

    එමෙන්ම මේ වන විටත් ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් රුපියල් මිලියන 70 ක වියදමින් තලවකැලේ මගී පර්යන්තයත්, රුපියල් මිලියන 205 ක වියදමකින් වව්නියා මගී පර්යන්තයත්, රුපියල් මිලියන 60 ක වියදමකින් හිඟුරක්ගොඩ පර්යන්තයත්, රුපියල් මිලියන 23 ක වියදමකින් මැදිරිගිරිය පර්යන්තයත්, රුපියල් මිලියන 14.5 ක වියදමකින් කිලිනොච්චිය මගී පර්යන්තයත් ඉදි කොට ඇත.

     

    මගීන්ගෙන් හා ප්‍රවාහන අධිකාරිවලින් කෙරෙනු ලබන ඉල්ලීම් අනුව ඉදිරියේදීත් අවශ්‍යතාවයන් අනුව ඒ ඒ ප්‍රදේශවල බස් මගී පර්යන්ත ඉදිකිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් කටයුතු කරනු ලැබේ. එමෙන්ම දැනට පවතින පර්යන්තවල අඩුපාඩු සකස් කර දීමද සිදු කෙරේ.

     

    "ජනතා අයිතියට පත් කෙරෙන මේ නව බස් මගී පර්යන්තය රැකගැනීම ජනතාවගේත්, දේශපාලන අධිකාරීයේත් වගකීමක් බවත් එසේ නොවුනහෙත් මෙම ස්ථානය වල් බිහිවී, අම්මා අප්පා නැති දරුවෙක් බවට පත් වෙන බවත්ය. ජාතික ගමනාගමන කොමිසන් සභාවට මේවා කොළඹ සිට පාලනය කරන්න බැහැ. මේ ප්‍රදේශයේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ පර්යන්තවල පාලනය භාරගෙන නිසි ලෙස පවත්වාගෙන යා යුතුයි. බලය විමධ්‍යගත කරලා තියෙන්නේ ඒ නිසයි. පොෟද්ගලික අංශයත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අයත් නයි මුගටි වගේ වෙන්නෙ නැතුව මේ බස් පර්යන්තයෙන් බස් ගමනාගමන කටයුතු සිදු කරන්න ඕනේ.  ඒ අය බස්වලට මගීන් පටවලා සල්ලි ගන්නවා. ඒ තත්ත්වයක් කින්නියාවේ ඇති වෙන්න දෙන්න එපා. එ්ක දේශපාලන අධිකාරියේත් වගකීම. මොකද ඊළඟට මේ සුළු සුළු සිද්ධින් ජාතිවාදී ආගම්වාදී අරගල දක්වා දුරදිග යනවා. ඒක නිසා පෞද්ගලික අංශයත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අයත් සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ.

    අද වන විට හොඳ මාර්ග පද්ධතියක් හදලා දීලා තියෙනවා. කොළඹ යන්න ගතවෙන වේලාවත් අඩුවෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රවාහන පද්ධතියත් ඒ අනුව සකස් විය යුතුයි.

    මේ පළාතේම ප්‍රවාහන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා මේ පළාතට තියෙන ප්‍රවාහනය සම්බන්ධ අඩුපාඩුවලට විසඳුම් අදම මම දෙන්නම්. ඒ නිසා මගී ජනතාවට අවශ්‍ය ගුණාත්මක සේවාවක් දෙන්න පෞද්ගලික අංශයත්, ශ්‍රී ලංගමයත් කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. ඒ වගේම අද වන විට මේ තියෙන මාර්ග තදබදයට විසඳුමක් වශයෙන් පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සිදු කළ යුතුමයි. හොඳ ආචාරශිලී ගුණාත්මක ප්‍රවාහන සේවාවක් තිබ්බොත් මගීන් තමන්ගේ පෞද්ගලික වාහනයේ ගමන්කරන්නේ නැතුව පොදු  පුවාහන සේවාවන්වලට පුරුදු වෙයි." ඒකෙන් මාර්ග තදබදයටත් විසඳුම් ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට ත්‍රිකුණාමල ප්‍රදේශයේ දේශපාලන නායකයින් රැසක්ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති බී.ඒ.පී. හේමචන්ද්‍ර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරු ඇතුළු නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක්ද සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya