අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩිනම් වර්ධනයක් සහ ඉහළ ආදායම් සහිත රැකියා උත්පාදනයක් සඳහා පස් අවුරුදු ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම දියත් කෙරේ.

    ජූලි 21, 2018

    (කොළඹ) - ශ්‍රි ලංකා රජය, ඉහළ අපනයනයක් ළගා කර ගැනීම, ප්‍රාදේශිය සහයෝගීතාවය වර්ධනයට සහ රැකියා නිර්මාණය කිරීම යනාදී අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීම සඳහා අද දින ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළිදක්වන ලදී. “ව්‍යවසාය ශ්‍රි ලංකා” සහ “2025 දැක්ම” යනාදී අනෙකුත් ප්‍රතිපත්තිමය මුලාරම්භයන් සලකන විටදී, රටේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ ශ්‍රි ලංකාව නවෝත්පාදන සහ ආයෝජන මඟින් මෙහෙයවනු ලබන ආසියාවේ ප්‍රමුඛ අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් පැවතීම ඉතා වැදගත් වේ.

    යුරෝපා - ශ්‍රි ලංකා වෙළඳ ආශ්‍රිත සහයෝගීතා ව්‍යාපෘතිය හරහා යුරෝපා සංගමය මඟින් අරමුදල් සම්පාදනය කර මෙම සැලැස්ම සඳහා තාක්ෂණික සහාය ලබා දෙන ලදී.

    මෙම පස් අවුරුදු සැලැස්ම මඟින් 2022 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 28 ක් අපනයන ආදායමක් අත්කර ගැනීමට බලාපොරොත්තු වේ. මෙම සැලැස්මේ අන්තර ගත ශ්‍රි ලංකාවේ රාජ්‍ය සහපෞද්ගලික පා‍ර්ශවකරුවන් 600 කට අධික ප්‍රමාණයකගේ අදහස් හා යෝජනා තුළින් ඔවුන්ගේ අපනයන අභිලාෂයන් පිළිඹිබු වේ.

    අපනයනය ඉහළ නැංවීම සදහා අවශ්‍ය තරඟකාරිත්ව බාධා මැඩ පැවැත්වීමට සහ කාර්යක්ෂමතාවයක් සඳහා නියාමන පද්ධති නවීකරණය කිරීමට මෙම සැලැස්ම තුළ විශේෂිත ප්‍රමුඛ ක්‍රියාවන් සහ ඒවාට අවශ්‍ය ආයෝජන අන්තර ගත කර ඇත. එමෙන්ම මෙමඟින් කාලාපීය සහ අන්තර්ජාතික වෙළඳාමේ නිරත වන ශ්‍රි ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් සඳහා අවස්ථාවන් වැඩි දියුණු කිරීම ඉලක්ක කර ඇත.

    කොළඹදී පැවති ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම එළි දැක්වීමේදී සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ගරු මලික් සමරවික්‍රම මැතිතුමා විසින් ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම මඟින් තවදුරටත් අපගේ ණය මත රැඳි රාජ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමේ ආර්ථික ආකෘතිය, පෞද්ගලික ව්‍යවසායකත්වය පෙරදැරිව අපනයන සහ සෘජු විදේශිය ආයෝජන මඟින් මෙහෙය වන ආර්ථික වර්ධන ආකෘතියක් බවට පත් කිරීම සඳහා ශක්තියක් වනු ඇතැයි පවසනු ලැබීය.

    ශ්‍රි ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ වැඩබලන තානාපති පෝල් ගොඩ්ෆ්‍රි මහතා,මෙම ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම ශ්‍රි ලංකාවේ වෙළඳ ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා ඉතා වැදගත් වන අතර එමඟින් කලාපිය සහ යුරෝපා වෙළඳ සංගමයේ රටවලට සිදු‍ කෙරෙන ශ්‍රි ලාංකීය අපනයන ශක්තිමක් කිරීම මෙන්ම පුළුල් වීම ද සිදු වනු ඇත. මෙම උපාය මාර්ගික සැලසුම මඟින් යුරෝපා GSP + සහනයේ උපරිම ඵල නෙලා ගනිමින්රටේ ආර්ථික වර්ධනය සහ ජනතාවගේ සෞභාග්‍ය වැඩි දියුණු කළ හැකි වනු ඇතැයි මම විශ්වාස කරන බව පවසන ලදී.

    අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂික අරන්චා ගොන්සාලෙස් මැතිණිය,ශ්‍රි ලංකාවේ වෙළඳ දිශානතිය වෙනස් කිරීම සඳහා මෙම උපාය මාර්ගික සැලසුම මෙවලමක් වේ. මෙමඟින් වෙළඳ පරිසරය වර්ධනය සඳහා උපකාරී වෙමින් සහ වඩා වැඩි දේශිය අගය එකතු කිරීමක් සඳහා සහය වෙමින් තත්ත්වයෙන් උසස් යහපත් රැකියා නිර්මාණයක් ද සිදු වනු ඇතැයි පවසා සිටියාය.

    ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම මඟින් නව අපනයනකරුවන් සංවර්ධනය කිරීම සහ සම්ප්‍රදායික අපනයන කර්මාන්තයන්ගේ වර්ධනයට සහය ද සිදු වනු ඇත. මෙම සැලැස්ම මඟින් වඩා වැඩි අගය එකතු කිරීමෙ උපායක් සහතික කරමින් කලාපීය හා‍ ගෝලීය වෙළඳපළ ප්‍රවේශය පහසු කිරීමට නිෂ්පාදන කේෂේත්‍රයන් හයක් (06) හඳුනාගෙන ඇත. එනම්, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණය, කුළුබඩු හා සාන්ද්‍රික නිෂ්පාදන, සුවසේවා සංචරණය, සකස් කළ ආහාර සහ පාන, බෝට්ටු කර්මාන්තය සහ ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් උපාංග නිපදවීම වේ.

    මෙම උපාය මාර්ගික සැලැස්ම සියළුම අපනයන කර්මාන්තයන් සඳහා බලපාන වෙළඳාම් සහායක සේවා හතරක් (04) ඉලක්ක කර ඇති අතර ඒවා නම් වශයෙන් දිවයින පුරා කාර්ය උපාය සේවා වැඩි දියුණු කිරීම, ජතික තත්ත්ව යටිතල පහසුකම්වැඩි දියුණු කිරීම නවෝත්පාදන හා ව්‍යවසායකත්වය සහ වෙළඳ තොරතුරු සහ ප්‍රවර්ධන සේවා සඳහා ප්‍රවේශය යනාදීන්ය.

    මෙම සැලැස්ම එළි දැක්වීමටත් ප්‍රථම එහි අන්තරගත සමහර ක්‍රියාවන් සඳහා රජය විසින් 2018 ජාතික අයවැය මඟින් අරමුදල් වෙන් කර ඇත. මෙම සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා රාජ්‍ය - පෞද්ගලික අංශයන්ගෙන් සමන්විත උපදේශක සභා පිහිටුවා ඇති අතර ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සැලසුම් සඳහා උපදේශකත්වය ලබාදීමට කැපවු කළමණාකරණ ඒකකයක් ද පිහිටුවන ලදී.

     ජත්‍යන්තර වෙළඳ රජ්‍ය අමාත්‍ය සහ ජාතික අපනයන උපාය මාර්ගික සැලසුමේ නියමුවා වන ගරු සුජීව සේනසිංහ මැතිතුමා,ශ්‍රි ලංකාවේ අපනයන සංයුතිය විවිධාංගීකරණය සහ නව නිෂ්පාදන බිහි කිරිම සඳහා පරිසරය නිර්මාණය වන මෙම සැලැස්ම මඟින් විදේශිය ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇත. ජාතික අපනයන උපාය මාර්ගික සැලසුම මඟින් අපනයනයන් ඉහළ නැංවීමට සහ ව්‍යවසායකයන්ගේ උනන්දුව වර්ධනය කිරීමට හැකිවනු ඇතැයි මම තරයේ විශ්වාස කරන බව පවසන ලදී. ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්මේ නිර්මාණය සහ කළමණාකරණ ක්‍රියාවලිය, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ මුලිකත්වයෙන් සිදු කරන ලදී. යුරෝපා - ශ්‍රි ලංකා වෙළඳ ආශ්‍රිත සහයෝගීතා ව්‍යාපෘතිය හරහා යුරෝපා සංගමයේ මුල්‍ය දායකත්වයෙන්, අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ තාක්ෂණික සහයෝගයෙන් මෙම සැලැස්ම සකසන ලදී. යුනිඩෝ (UNIDO) ආයතනයේ සහයෝගයෙන් ජාතික තත්ත්ව යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආංශික උපාය මාර්ගික සැලැස්ම ප්‍ර‍ධාන සැලැස්මේ කොටසක් ලෙස සකස් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya