අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කරමින්...

    ජූලි 18, 2018

    "එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය නගරයේ බස් නැවතුම්පොල අසළ පසුගිය දා පැවැත්විණි.

    "එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ ණය ලබාගැනීමේ කාර්යාල නිකවැරටිය ලංකා බැංකු සහ මහජන බැංකු ශාඛාවල එදින ආරම්භ කරනු ලැබීය. එහිදි "එන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ හදුන්වා දී ඇති ණය ඉල්ලුම්කරුවන් වෙනුවෙන් ණය නිකුත් වීමද සංකේතාත්මකව සිදු කරනු ලැබීය.

    මෙම අවස්ථාවලට එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා, නිකවැරටිය සංවිධායක එස්. පී. තෙන්නකෝන්, යන මහත්වරුන් ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya