අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ගම්පෙරළිය'' නිකවැරටියෙන් ඇරඹේ- ඊළඟ මාස පහ තුළ රටේ සංවර්ධනයට කෝටි 8000ක්

    ජූලි 16, 2018

    ආර්ථිකයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ ගම්පෙරළිය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භය ඊයේ(15) කුරුනෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ දී ආරම්භ විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්විණි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම හදුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරිම ඇතුළු අංශ රැසක සංවර්ධනය ඇති කිරිම ගම්පෙරළිය ජාතික වැඩසටහනේ ඉලක්කය වෙයි.

    නිකවැරටිය, මඩත්තවැව ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කරමින් ගම්පෙරළිය කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන  ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. අක්කර අසූවක් පමණ වන මෙම වැව ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන  4.67ක් වෙන් කර තිබේ. වැව ප්‍රතිසංවර්ධනය කිරීමත් සමග කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් වගා කළ හැකිය. ඒ  තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාව ද උදාවෙයි. ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක
    තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම ද සැළසුමයි.

    අනතුරුව ඉඩම් බලපත්‍ර සහ දීමනාපත් මෙන්ම කාන්තා සංවිධානවලට උපකරණ ලබාදීම ද අග්‍රාමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය ලබා දීම සඳහා නිකවැරටිය නගරයේ
    ලංකා බැංකු සහ මහජන බැංකු ශාකා ද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඳහස් දක්වමින් මෙසේ පැවසි ය.

    '''අද ආරම්භ කරන ගම්පෙරළිය සෑම ගමකටම අදාළයි. ගම්මානවල නියඟය නිසා ගමේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටිලා. අප තීරණය කළා ගම්වල අඩුපාඩු හදන්න මේ සංවර්ධනය ගෙන යන්න. මේ සංවර්ධනයෙන්  ගමට මුදල් එනවා. සියල්ල ඔබ ආරක්ෂා කරන්න. නිකවැරටිය හා වාරියපොළ ප්‍රදේශයේ කාබනික වී  වගාකරන්න, ගොවීන් කැමති නම් ආධාර කරන්න. මෙය ආරම්භය විතරයි.නිකම් වැව හදනවා නොවේ වැවේ  මුදල ගොවියට ලබාදෙනවා. දැන් නැව් එනවා.අපට දැන් තිබෙන්නේ විශාල ලෙස අපනයන ආර්ථිකයක් ඇති  කරන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    සමාරම්භක උත්සවයේ දී අඳහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා; මෑත යුගයේ ආරම්භ  කළ විශාලතම සංවර්ධන වැඩසටහන බවට ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන පත් කිරීමට කටයුතු කරනවා. ඒ  සඳහා මහාභාණ්ඩාගාරය විසින් කෝටි 8000ක් ඊළඟ මාස පහ තුළ මේ රට සංවර්ධනය කිරීමට වෙන් කර, එම දැවැන්ත වැඩසටහනේ ආරම්භය අද දකින්නේ. ඊළඟ මාස 05 තුළ වැව් 1300ක් නොවැම්බර් මාසය වනවිට ලංකාව පුරාම ආරම්භ කර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය පාරවල් හදන්නට මුදල් වෙන් කර  තිබෙනවා. ක්‍රීඩා පිටි සංවර්ධනයට ලක්ෂ 10 බැගින් ලබාදෙනවා. ඒ අනුව ක්‍රීඩා පිටි 500ක් මේ වසරේ නිම  කරනවා. කෝටි 2ක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨශයකටම වෙන් කරනවා. මේ වසර අවසන් වන විට මේ ශ්‍රී  ලංකාද්වීපයේ විදුලිය නැති ගෙවල් තියෙන්න අවශ්‍ය නැතැයි ද අමාත්‍යවරයා පැවසි ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya