අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය ඉතා ඉහළ මට්ටමක පවතින බව කතානායක කියයි Featured

    ජූලි 15, 2018

    ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසදීමේ දී ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය ඉතා ඉහළ මට්ටමක පවතින බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ සිංහල,මුස්ලිම් හා දෙමළ ජනතාව අතර සුහඳතාව වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම  පක්ෂ නායකයින් විසින් බෞද්ධ හින්දු මුස්ලිම් හා කතෝලික ආගමික නයකයින් සමඟ සාකච්ඡා කොට ආගමික  හමු පැවැත්වීමට පියවර ගෙන අති බවත් එවැනි ආගමික හමුවක් ලබන මස මුල් සතියේ දී පැවැත්වෙන බවත් කතානායකවරය පැවසුවේ,අරලියගහ මන්දිරයේ පැවැති ජාතික මස්ජීඩ් සම්මාන උළෙල-2018 උත්සවයේ දීය.

    තම ප්‍රදේශයේ අධ්‍යාපනය දියුණු කිරීම, ජනතාව අතර සංහිඳියාව ඇති කිරීම හා ඔවුන්ට ජීවනොපාය සළස දීම සඳහා කටයුතු කර ඇති හොඳම මුස්ලිම් දේවස්ථාන තොරා ඒවාට සම්මාන පිරිනැමීම සඳහා ''උපදේශක හ  සංහිඳිය සභාව ''තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධනාය  කොට තිබුණි. මෙහිදී දිවයිනේ මුස්ලිම් දේවස්ථන 172න් හොඳම දේවස්ථාන 23කට මුදල් තෑගි පිරිනමනු ලබීය.

    රටේ සාමය සමඟිය සහ සහජීවනය ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් ජවරධනපුර විශ්වවිද්‍යාලයේ  ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි,වෙලඳගොඩ යසස්සි හිමි.ගැලණිගම චන්දවිමල හිමි,කීණපැලැස්සේ  ඥාණිස්සර හිමි යන ස්වාමින්වහන්සේලා වෙනුවෙන් කතානායකවරය අතින් සම්මාන පිරිනැමූහ.

    මෙහිදී අඳහස් දැක්වූ කතානායකවරය සඳහන් කළේ, පසුගියදා මහනුවර ඇති වූ අවාසනාවන්ත සිද්ධිය නිසා ශ්‍රී  ලංකාවට යම් අපකීර්තියක් සිදු වූ බවත් ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති නොවීමට වගබලාගත යුතු බවත් පැවසී
    ය.

    ජාතික භාෂ හා සංහිදියා කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්,තැපැල් සේවා හ මුස්ලිම් ආගමික කටයුතු  අමාත්‍ය අබ්දුම් හලීම් යන මහත්වරු ඇතුළු මුස්ලිම් ආගමික නායකයින් රැසක් මේ ආස්ථවට එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya