මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවධානය ....

    ජූලි 13, 2018
     
    දෙරට අතර අවබෝධතා ගිවිසුම් 04කට ද අත්සන් තැබේ ...
    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙද සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වෙයි.
    දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
    2016 වසරේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තායිලන්තයේ කළ සංචාරයේදී ජනාධිපතිතුමා විසින් කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ. 
    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව එම පිළිගැනීම සිදුවිය.
    නායකයින් අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවබෝධතා ගිවිසුම් 04 කට ද මින් අනතුරුව නායකයින් ඉදිරියේ අත්සන් තැබීම සිදුවිය. 
    නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හුවමාරුවට අදාළ නෛතික ගිවිසුමකට පළමුව අත්සන් තැබුණු අතර ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අතර එම ගිවිසුමට අත්සන් තැබීය.
    දෙරට අතර ක්‍රමෝපායික ආර්ථීක හවුල්කාරිත්වය පිළිබදව ගිවිසුමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ තායිලන්ත නියෝජ්‍ය වෙළෙද අමාත්‍යවරිය අත්සන් තැබීය.
    තායිලන්ත රජු විසින් ප්‍රචලිත කරන ලද ප්‍රමාණාත්මක භාවය පිළිබද ආර්ථීක දර්ශනය  මත පදනම්ව තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සදහා වූ ඒකාබද්ධ කි්‍රයාකාරම් වැඩසටහන පිළිබ`ද සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් තැබිණි. 
    එමෙන්ම ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සදහා තාක්ෂණික සහයෝගිතාවය පිළිබද ගිවිසුමට තායිලන්තයේ Kasetsart  විශ්වවිද්‍යාලය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අතර අත්සන් තැබීම සිදුවිය.
    ( ඡායාරූප :  ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya