අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට සැපත්වෙයි

    ජූලි 12, 2018

    තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල්  Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලී මස 12 වැනි අද(12) දින ශ්‍රි ලංකාවට පැමිණියේ ය.

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුපලේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ගෞරව ආචාර මධ්‍යයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජයේ අමාත්‍යවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් පිළිගනු ලැබීය.

    අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවික සකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දි පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව තායිලන්තය සහ ශ්‍රි ලංකාව අතර අවබෝධතා ගිවිසුමතට අත්සන් තැබේ.

    ජුලී 13 දා පෙරවරුවේ තායි අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡා කරනු ඇත. ඉන් අනතුරුව මහනුවර බලා යන තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය,ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට ද යන අතර ඉන් පසු මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් පැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya