Print this page

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත පරීක්ෂණයට නව මුහුණුවරක්

ජූලි 12, 2018
රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණය අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නව ක්‍රමවේදයක් යටතේ පරිගණක ආශ්‍රයෙන් සිදු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
 
මෙම නව ක්‍රමය අද සිට වේරහැර පිහිටි විභාග මධ්‍යස්ථානයේ දී ආරම්භ වන අතර ඉදිරියේ දී සෙසු දිස්ත්‍රික්ක 24 සඳහා ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදුනි.
 
ඒ අනුව මෙම පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පැරණි ක්‍රමය යටතේ බහුවරණ ප්‍රහ්න පත්‍රයක් හා කතිරය සලකුණු කරන පිළිතුරු පත්‍රයක් ලබාදීම හරහා සිදුකෙරුණු අතර මෙම නව ක්‍රමවේදය යටතේ පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පරිගණක තිරයේ දිස්වන අවස්ථාවේ දී නිවැරදි පිළිතුරු ස්පර්ශ කිරීමෙන් පිළිතුරු ලබාදීම සිදු කෙරේ.