Print this page

මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් මහනුවරින් ඇරඹේ ... Featured

ජූලි 12, 2018

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සදහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව ක්‍්‍රි යාත්මක කෙරෙන  ,මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහන දියත් කිරීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ කි්‍රඩාංගණයේ දී පැවැත්විණි. 

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් සුවශේෂී දායකත්වයක් සැපයූ රාජ්‍ය නිලධාරින් ඇගයීමට ලක් කරමින් සම්මාන හා තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

පේරාදෙණිය වෛද්‍යපීඨයේ මුඛ පිළිකා ඒකකයේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වෙත ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුථ දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මහනුවර දිස්ති්‍රක්කයේ දේශපාලන නියෝජිතයින් සහ ,මහනුවර දිස්ති්‍රක් ලේකම් එම්.පී. හිටිසේකර මහතා ඇතුථ දිස්ති්‍රක්කයේ රාජ්‍ය නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, පොලිස්, සුරාබදු ඇතුථ සියලූ ආරක්ෂක අංශ ප්‍රධානීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් දරුවන් මෙන්ම ගමහදාගමු ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ග්‍රාමසේවා වසම් 1188 ක නියෝජිතයින් 6000 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )