අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටයදීත් ඊට සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩය ලබාදීමට තම අත්සන් යොදන බව ජනපති පවසයි

    ජූලි 11, 2018

    මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපතිතුමා පවසයි.

    මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති “මතට එරෙහිව පාසලෙන් ජවයක්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය එක්ව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවනු ලබයි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දේශපාලන විරුද්ධවාදීන් කුමන අන්දමින් පෙන්වා දුන්න ද පසුගිය වසර තුන හමාර තුළ මේ රටේ මිනීමැරම් සහ ස්තී‍්‍ර දූෂණ අඩුවී ඇති බවයි.

    2008 වසරේ සිට ගෙවී ගිය වසර 10 තුළ සිදුවූ මිනිස් ඝාතන පිළිබඳ ඊයේ දින ජාතික ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව පෙන්වා දෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මිනීමැරුම් සහ අපරාධ ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන වැරදි මාධ්‍ය වාර්තා ඇතැම් දේශපානඥයින් ද තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරන බවයි.

    කෙසේ වෙතත් මිනිමැරුම් සහ ස්ති‍්‍ර දූෂණ ඉහළ යාමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවි ද අද ප‍්‍රධාන සාධකයන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමාපියන්ගේ ද ප‍්‍රමුඛ අවධානය යොමු විය යුතු බව සඳහන් කළේය.

    යහපත් සහ මතින් නිදහස් රටක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ ප‍්‍රධාන පණිවිඩකරුවන් බවට පත්කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් සුවශේෂී දායකත්වයක් සැපයූ රාජ්‍ය නිලධාරින් ඇගයීමට ලක් කරමින් සම්මාන හා තිළිණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    පේරාදෙණිය වෛද්‍යපීඨයේ මුඛ පිළිකා ඒකකයේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා වෙත ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මහනුවර දිස්ති‍්‍රක්කයේ දේශපාලන නියෝජිතයින් සහ ,මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එම්. පී. හිටිසේකර මහතා ඇතුළු දිස්ති‍්‍රක්කයේ රාජ්‍ය නිලධාරීන්, ක්ෂේත‍්‍ර නිලධාරීන්, පොලිස්, සුරාබදු ඇතුළු සියලු ආරක්ෂක අංශ ප‍්‍රධානීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල් දරුවන් මෙන්ම ගමහදාගමු ග‍්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ග‍්‍රාමසේවා වසම් 1188 ක නියෝජිතයින් 6000 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya