Print this page

යාපනය රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය දෙවැනි අදියර ඉදිකිරීමට පියවර

ජූලි 11, 2018

යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ දෙවැනි අදියර ලෙස එහි දෙවන මහලේ ලෙස පස්වන මහල දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි යාපනය  ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු රුපියල් මිලියන
1224.6ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ මධ්‍යම ඉංජිනේරු සේවා  පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත  සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.