අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය‘ත්‍රීකාන්ඩ්’ යුද නෞකාව කොළඹ වරායට

    ජූලි 08, 2018
    ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව (07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. 
     
    කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් උපාල් කුණ්ඩු මහතා  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශේකර් මිෂ්රා යන මහත්වරුන් විසින්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.   
     
    තවද,  නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉන්දියානු ‘ත්‍රීකාන්ඩ්’ යුද්ධ නෞකාවේ චාරිකාවක නිරතවු අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා සහ නාවික හමුදා මුලස්ථානයේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.
     
    දින 3 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවේ කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද පාපන්දු තරගයකට ද සහභාගි වන අතර ඒ අනුව එම නෞකාව  09දා දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya