අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමූපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙනවා Featured

    ජූලි 08, 2018

    සමුපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ(07) පස්වරුවේ මඩකලපුව වෙබර් කි‍්‍රඩාංගණයේ පැවති 96 වන ජාත්‍යන්තර සමූපකාර දින ජාතික උත්සවය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සමුපකාර ව්‍යාපාරයේ තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශය සහ ජාතික සමුපකාර මණ්ඩලය එක්ව මීට වඩා කි‍්‍රයාකාරි වැඩපිළිවෙළකට එළැඹිය යුතු බවයි.

    ලබන මස සිට ජාතික ආර්ථික සභාව සඳහා ද ජාතික සමූකාර මණ්ඩලය සහ එම ක්ෂේත‍්‍රයේ විද්වතුන් සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා එහිදී සමූපකාර ව්‍යාපාරය නගා සිටුවීම වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ද කියා සිටියේය.

    96 වන ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් සකස් කරන ලද සමරු කලාපය සහ සමූපකාර ව්‍යාපාරය පිළිබඳ රචනා කරන ලද පොත් පිංච මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    ජාත්‍යන්තර සමූපකාර දිනය වෙනුවෙන් අන්තර් සමූපකාර සංගම් අතර පැවති තරඟවල ජයග‍්‍රාහකයින්ට සම්මාන සහ තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

    අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය අමාත්‍ය ඒ. එල්. එම්. හිස්බුල්ලා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අමීර් අලී, බුද්ධික පතිරණ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක, ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ පීරිස් යන මහත්වරුන් සහ සමූපකාර ක්ෂේත‍්‍රයේ දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya