අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදය ආර්. සෙනෙවිරත්න ජනාධිපති ලේකම් ධූරයට

    ජූලි 06, 2018

    ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ප්‍රවීන පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා මීට පෙර රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරු හොබවා ඇත. වසර 26ක ධූර කාලය තුළ මහවැලි සංවර්ධන පරිසර,සෞඛ්‍ය,ක්‍රීඩ හා විද්‍යා තාක්ෂණ යන අමාත්‍යාංශ රැසක ඒ මහතා සිය මහජන සේවය ලබාදී තිබේ.

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තනතුර සඳහා උදය ආර්.සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya