අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ක්‍රමය ගැන විසදුම් හා යෝජනාවලට අදාළ මූලික වාර්තාව අමාත්‍යවරයාට - පළාත් සභා ඡන්ද විමසීම සහ මැතිවරණ ක්‍රමය ගැන විවාදයක්

    ජූලි 06, 2018

    පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව ඇති වී ඇති තත්ත්වය සහ අද (6) දින ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත විවාදය හා ලංකාවේ මැතිවරණ වලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වල උපරිම සීමාව තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් පළාත් සභා ,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා හා පැෆරල් සංවිධානය ඇතුළු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන නියෝජිතයින් මැතිවරණ වෘත්තිකයින්ගේ සංගමය, මාර්ග ආයතන නියෝජිතියින්, ලර්න් ඒෂියා නියෝජිතයින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් අතර පැවැත්විය.

    මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ක්‍රමය සංශෝධනය ඉතා සත්භාවයෙන් ඒකමතිකව සම්මත කර ගත් බැවින් නව ක්‍රමය සදහා අඩුපාඩුවකින් තොරන සියළු පාර්ලිමේන්තු නියෝජිතයින් කැමති විය යුතු බවයි.

    එමෙන්ම සියළුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුළ තම වගකීම ඉෂ්ඨ කල යුතු බවයි. පනත සම්බන්ධව වගකීම ඔවුන් සියළුදෙනා බැදී සිටී. එමෙන්ම මුදල් මත පදනම් වු දේශපාලන සංස්කෘතියේ දේශපාලන නියෝජිතයින් ඉවත් වේ.එමෙන්ම මැතිවරණ ක්‍රමය තුළ දේශපාලන පක්ෂ වලට තම පංගුව ගැන නොහිතා රට ගැන හිතන වැඩපිළිවෙලක් ඇති කර නව දේශපාලන සදාචාරයක් ඇති කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන බව දැන්වීය.

    මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු අමාත්‍යවරයා මැදිහත් වී සකස් කර මැතිවරණය කල් නොදමා ඉක්මනින් පවත්වන්නට පොරොන්දු වූ අතර ජන්ද දායකයාට තම කාර්යභාරය නිසියාකාරව ඉටු කල යුතු බව පැවසීය.

    දූෂිත ක්‍රමයට විරුද්ධව ජනතාව පෙළගැසිය යුතු කාලය එළඹ ඇති බව පෙන්වා දෙන ලදි.

    දූෂිත මනාප ක්‍රමයේ ඇති අඩුපාඩු සකස් කර මෙම ක්‍රමවේදය අන්තාන්විතව ඉදිරියට ගෙන යෑමට සියළු දෙනාම පෙළගැසිය යුතු බවත් මෙවැනි සංවිධාන හා සිවිල් සංවිධාන ඒ සඳහා දායක වීම හෙතෙම අගය කරන බව වැඩිදුරටත් පැවසීය.

    මෙම වසරේදී පළාත් පාලන මැතිවරණයේදී භාවිත කරන ලද මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළඅඩුපාඩු ඇති බව පවසමින් පැෆරල් සංවිධානය හා සී.එම්.වී.ඊ ආයතන හා සිවිල් සංවිධාන කිහිපයක විද්වතුන් පිරිසක් එක්ව සකස් කර ගන්නා ලද විද්වත් කමිටුව ඔවුන්ගේ මූලික කමිටු වාර්තාව ඊයේ පළාත් සභා,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වෙත ප්‍රධානය කරන ලදි.

    විද්වත් කමිටු සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පළාත් සභා මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු පිළිබඳ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන සහ ජනතාවගෙන් ඉදිරිපත් වූ විවිධ චෝදනා සැලකිල්ලට ගෙන පළාත් සභා මැතිවරණය සඳහාද මෙම ක්‍රමය යොදා 2018 වසරේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයේදී උපයෝගි කර ගත් මිශ්‍ර සමානුපාතික ක්‍රමයේ තිබූ අඩු පාඩු මඟහරවා ගෙන පළාත් සභා මැතිවරණය සඳහාද මෙම ක්‍රමය යොදා ගැනීමට කටයුතු සම්පාදන කර දීම ඔවුන්ගේ මූලික අරමුණ බව පවසන ලදි.

    ඊට අදාළ විසදුම් හා යෝජනා වලට අදාළ මූලික වාර්තාව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වෙත පිරිනැමු අතර එහි සම්පූර්ණ වාර්තාව මේ මස අවසන් වීමට මත්තෙන් ලබා දීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

    ඉහත කරුණු ගැන ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර ඔබ මාධ්‍ය ආයතන මඟින් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන ලෙස ස්තූති පූර්වකව ඉල්ලා සිටිමු. අදාල ඡායාරූප විද්‍යුත් ලිපිනයට යොමු කර ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya