රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ බලවත් අප්‍රසාදයට ලක් විය.
පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා ඒ අනුව අද (3) විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.
මේ අතර රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව තුළ ස්ථාවර නියෝග කඩකරමින් අසංවර ලෙස හැසිරුණු මන්ත්‍රීවරු වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවා දඬුවම් කරන
ලෙස කතානායකවරයගෙන් ඉල්ලීමක් ද සිදු කළේ ය.
විශේෂ ප්‍රකාශය මෙසේ ය.