අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය දෙනගම ධම්මදස්සි නායක හිමිපාණන් වහන්සේ වෙත මල්වතු පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ

    ජූලි 01, 2018
     
    ඓතිහාසික උද්ධකන්දර පුරාණ රාජමහා විහාරාධිපති පූජ්‍ය දෙනගම ධම්මදස්සි නායක හිමිපාණන් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත යන ගෞරව නාමය සහිත ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (30) පස්වරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්විණි. 
    අභිනව උප ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
    අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
    විහාරස්ථානයේ අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
    ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙඹවූ අතර, මාතර කන්දබඩ පත්තුව ඇතුථ හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝානයක තිස්සමහාරාම සදගිරි උභය විහාරාධිති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. 
    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් ද, සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ. 
    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya