මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික උණගලා වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම ජනපති සුරතින්...

    ජූනි 25, 2018

    පොළොන්නරුව, හිගුරක්ගොඩ උණගලා වෙහෙර රජ මහා විහාරස්ථ ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

     
    චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
     
    මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය සහ වැඩබලන ලේඛකාධිකාරි සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ, උතුරු, උතුරුමැද හා නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක උඩුගම ධම්මානන්ද නායක හිමිපාණණ් වහන්සේ, උණගලා වෙහෙර රජමහා විහාරාධිපති පොළොන්නරුව, තමන්කඩුව අධිකරණ සංඝනායක පූජ්‍ය ගිරිතලේ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර ප්‍රදේශයේ මැති ඇමතිවරුන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
     
     ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya