අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ගඟට අපද්‍රව්‍ය එක්වීම - නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරිම වඩාත් ක්‍රමවත් කළ යුතුයි

    ජූනි 22, 2018

    මහවැලි ගඟට අපද්‍රව්‍ය එක්වීම සම්බන්ධයෙන් සොයා බලා සුදුසු විසදුම් ලබාදීම සදහා මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව කඩිනමින් විසදුම් සෙවිය යුත්බව මහනුවර දිසාපති එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි.

    එසේ නොකළොත් ලංකාවේ දූෂිත ගංඟාවලින් එකක් බවට මහවැලි ගඟ පත් විමේ අවධානමක් ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. දිසාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීයශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේ දීය.

    මහනුවර නගරය හා ඒ අවට ප්‍රදේශවල සිදුවන මිනිස් ක්‍රියාකාරකම් නිසා මහවැලි ගඟට අපද්‍රව්‍ය එකතු විම වැඩි වී ඇති බව පෙන්වා දුන් මහනුවර දිසාපතිවරයා නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරිම වඩාත් ක්‍රමවත් කළ යුතු බවද පැවසීය.

    මහනුවර සහ ගම්පොළ නාගරික ප්‍රදේශ වලින් සහ පල්ලේකැලේ ප්‍රදේශයෙන් බහුල වශයෙන් මහවැලි ගඟට අප ද්‍රව්‍ය එකතු වන බව පැවසූ දිසාපතිවරයා රාජ්‍ය ආයතන සහ කර්මාන්ත ශාලාවලින් එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි බවද පෙන්වා දෙන ලදී. තව දුරටත් මෙවැනි තත්වයක් පැවතියහොත් පාරිසරික සහ සෞඛ්‍ය ගැටළු රැසක් ඇති විය හැකි බව පැවසූ දිසාපතිවරයා ගඟට අපද්‍රව්‍ය මුදා හැරීම
    නතර කිරීම සම්බන්ධ වැඩසටහන ඉක්මනින් සකස් කොට කෘෂිකර්ම කමිටුවට ඉදිරිපත් කරන ලෙසද දැනුම් දෙන ලදී.

    DMU/Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya