Print this page

තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය වෙත තැපැල්පතිවරයා විසින් කෙරෙන නිවේදනයයි ! Featured

ජූනි 21, 2018

දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස  තැපැල්පති, ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් සමස්ත තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවත්, සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11 දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරෙන බවත්  තැපැල්පතිවරයා විසින් තවදුරටත් දැනුම්දෙයි.

 

නීතීඥ සුදර්ශන ගුණවර්ධන

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්