Print this page

නාගරික සහාධිපත්‍යය සංවර්ධකයන්ගේ සංගමයේ සමාරම්භක අවස්ථාව ජනපති ප්‍රධානත්වයෙන් ... Featured

ජූනි 21, 2018

නාගරික සහාධිපත්‍යය සංවර්ධකයන්ගේ සංගමයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ මහල් නිවාසවල සහාධිපත්‍ය සංවර්ධනය කිරීම හා ඉදිකිරීම් කටයුතු මෙම සංගමය මගින් සිදු කරනු ලබයි.

 කර්මාන්තය සම්බන්ධ ගැටලූවලදී ඒවා විසදීම සදහා ක්‍රියාශීලී ලෙස කටයුතු කිරීම, කර්මාන්ත ආශ්‍රිත පුවත් හුවමාරු කිරීම, සියලූ දේශීය හා අන්තර්ජාතික කාර්මික සම්බන්ධතා ආයතන නියෝජනය කිරීම හා සාමාජිකත්වය ලබා ගැනීම මෙම සංගමයේ අරමුණයි.

 දේපල වෙළෙදාම සහ මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සදහා ව්‍යාපාරික අවස්ථාවන් සොයා බැලීමට සාමාජිකයින්ට සහාය වීම සහ රාජ්‍ය ආයතන සම`ග සම්බන්ධීකරණය කිරීම ද මෙම සංගමය මගින් සිදු කරනු ලබයි.

 සංගමයේ සභාපති එස් සීලන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

 අමාත්‍ය පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )