අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුථව ජනපති ප්‍රධානත්වයෙන් ... Featured

    ජූනි 19, 2018

    ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගත් ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුථව  ඊයේ (18)  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    උත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා දරු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.
    "දරුවන් සුරකිමු" ජාතික වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ද අද දින සිදු කෙරිණි.
    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ, ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාෆා, යන මහත්වරුන් ඇතුථ පළාතේ දේශපාලන නියෝජිතයින් රැසක් සහ දිස්ත්‍රික් ලේකම් ඇතුථ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya