රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) වත්මන් කටයුතු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් අද (18) බත්තරමුල්ල,වෝටර්ස් ඒජ් හි පැවැති වැඩමුළුවට සහභාගී වෙමින්
විගණකාධිපතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් අඳහස් දැක්වූ ගාමිණී විජේසිංහ මහතා,
මූල්‍ය කළමනාකරණය යම් කිසි ක්‍රමවේදයක් ඔස්සේ සම්පූර්ණයෙන් ම සාර්ථක විය යුතුයි. අප නියැදි පරීක්ෂණයකින් තමයි මූල්‍ය කටයුතු පරික්ෂා කරන්නේ.පසුගිය දහස දෙක තුළ රාජ්‍ය මූල්‍ය පාලනය තදින් බිඳ වැටුණා. එයට හේතු වූ කාරණා සොයා බලීම කළ යුතුයි.මූල්‍ය වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මූල්‍ය කළමනාකරණයේ දුර්වලයි,පිරිහිලා කියනවා නම් ඊට වගකිව යුත්තේ ක්වුද කියන එකට උත්තරය තිබෙනවා. මෙම මූල්‍ය කළමනාකරණය නිවැරැදි කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවටමයි. මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුවන්නේ නම්, රටේ සංවර්ධනය සාර්ථක කර ගැනීමට හැකියි.පසුගිය දසක දෙක තුළ මූල්‍ය කඩාවැටීමට හේතු වන්නේ පුද්ගලයන් වටා මූල්‍ය කළමනාකරණය සිදු වීමයි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන ඇති උත්සාහය අගය කරනවා. විගණන පනත සම්මත කර ගැනීමෙන් මෙම කාරක සභාවේ කටයුතු තවදුරටත් ශක්තිමත් ලෙස සිදු කළ හැකියි. කාරක සභාවේ කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට සියලු සහයෝගය ලබාදෙනවා යැයි ද විගණකාධිපතිවරයා පැවසීය.