අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික රෝහල්වලින් අයකෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරනවා Featured

    ජූනි 17, 2018

    පෞද්ගලික රෝහල්වලින් අයකෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    යහපාලන ආණ්ඩුවේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ  කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ, 2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ  ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීම සඳහා ඊයේ (16) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට  එක් වෙමිනි.


    අමාත්‍යවරයා එහිදී මෙසේ ද පැවැසීය.

    යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමිනි. එහි ප්‍රධාන පොරොන්දුවක් වූයේ රාජ්‍ය සේවය වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමයි. පළමු දින 100 ඇතුළත එම පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුවට හැකි විය. මීට අමතරව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක මුදල 2018 වන විට 3% දක්වා ඉහළ නැංවීමට වත්මන් ආණ්ඩුවට හැකි විය. එය 2020 දී6% දක්වා වර්ධනය කිරීම අපේක්ෂාවයි. මීට අමතරව සෞඛ්‍ය වෙනුවෙන් දැනට වෙන් කෙරෙන 3.5% ප්‍රතිශතය 2020 වන විට 5% දක්වා ඉහළ නැවීම ද ආණ්ඩුවේ අපේක්ෂාවයි. දැනට පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කිරීමට ද කටයුතු කෙරෙනු ඇත. සමෘද්ධි දීමනාව තුන් ගුණයකින් වැඩි කිරීමට වත්මන් පාලනයට හැකි විය.

    මේ සියල්ල සිදු කරනු ලබන්නේ පැවැති ආණ්ඩුව මගින් දායාද කළ අධික ණය බර කළමනාකරණය කරගනිමිනි. මෙම වසර තුළ පමණක් ශ්‍රී ලංකා ගෙවිය යුතු සමස්ත විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.9කි. ඉන් 83%ක් ම 2015ට පෙර ලබා ගත් ණය වීම විශේෂත්වයකි. ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.6ක් වන අතර ඊට 2012, 2013 සහ 2014
    වසරවල දී පැවැති ආණ්ඩුව ගිනි පොලියට ලබා ගත් ණය ද ඇතුළත් ය. මේ සියල්ල සිදු කිරීමට ජනතාවගෙන් බදු අය කිරීමට සිදු වෙයි. නමුත් ගැටලුව වන්නේ එම බදු ප්‍රමාණයෙන් වැඩි කොටසක් හෙවත් 82%ක පමණ කොටස තවමත් ගෙවනු ලබන්නේ සාමාන්‍ය ජනතාව වීම ය. පොහොසතුන් තවමත් ඍජු බදු ගෙවන්නේ බදු ආදායමෙන් 18%ක් පමණි. ඊට හොදම උදාහරණය නම් කෝටි දෙකකට අධික ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ තවමත් බදු ගොනු ඇත්තේ ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් වීමය. මෙම ප්‍රතිශතය 2020 වන විට 60% - 40% ප්‍රමාණය දක්වා රැගෙන ඒම ආණ්ඩුවේ අපේක්ෂාවයි.

     

    මේ සියල්ල අතරතුර ජනතාවගේ සුබසාධන කටයුතු ආණ්ඩුව පැහැර හැර නැත. මේ ඔබ අතට අද පත්වන්නේ ආණ්ඩුවේ එම උත්සහයේ ප්‍රතිඵලයි. එදා මෙවැනි සහන පවා ලැබුවේ ආණ්ඩුවෙ හෙන්චයියලාගේ නියෝජිතයන්ට ය. අද එවන්නක් නැත. සහන ලබා දීමේ දී අපි කිසිදු අවස්ථාවක පක්ෂ පාට බැලුවේ නැත. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මාතර දිස්ත්‍රික් ප්‍රතිඵලය දෙස බලන විට මෙහි සිටින පිරිසගෙන් ද 75%ක් ම ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් අය විය යුතු ය. එහෙත් අපට වැදගත් වන්නේ සහන සැලසීම මිස ඔබේ දේශපාලනය නොවේ.

    ජනතාවට සහන සැලසීමේ තවත් දැවැන්ත පියවරක් මේ මස ආරම්භ කෙරේ. ඒ ගම්පෙරළිය වැඩසටහනයි. සෑම ගමක් ම සංවර්ධනය කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා ගම්මාන වැඩි දියුණු කෙරේ. මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද නියමිත ය. ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

     

     මෙම අවස්ථාවට දකුණු පළාත් අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya