මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහරාජ රක්ෂිතයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනපතිගෙන් උපදෙස් Featured

    ජූනි 15, 2018

    ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනා විධිමත් ක‍්‍රමවේදයක් සකසා තීරණයක් ගන්නා තුරු තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපතිතුමා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දෙයි.


    යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා පරිසර අමත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ යන මහත්වරුන් වෙත උපදෙස් දුන්නේය.


    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ  ඊයේ (14) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී එම නිලධාරින් සමග පැවති හමුවකදීය.


    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් නිලධාරින්ට උපදෙස් දුන්නේ මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි.


    ලෝක ප‍්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුතු සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.


    මෙම අලි දෙදෙනාගෙන් ප‍්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශි‍්‍රතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබීය.


    නව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ (14) එම අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ භාරගත් අතර, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.
    අනතුරුව ජනාධිපතිතුමා අමාත්‍යාංශ නිලධාරින් සමග මෙම සාකච්ඡාවට එක්විය.
    නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පි. පෙරේරා මහතා ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya