අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත්ගේ බිරිඳට අධිකරණයේදී බැණ තර්ජනය කිරීමට වරදකරු වූ ගලගොඩාත්තේ ඥානසාර හිමිට හය මසක සිර දඬුවම් නියම කෙරෙයි.

    ජූනි 14, 2018

    අතුරුදහන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද දින (ජුනි 14) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස හයක සිර දඬුවම් නියම කරන ලදී.

    දණ්ඩ නීති සංග්‍රහයේ 346 වගන්තිය යටතේ එන සාපාරාධී බලහත්කාරය කිරීම සහ 486 වගන්තිය යටතේ එන සාපරාධී බිය ගැන්වීම යන අපරාධ චෝදනා යටතේ හෝමාගම පොලීසිය විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව  පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පසුගියදා හෝමාගම මහේස්තාත් අධිකරණය විසින් ඥානසාර හිමියන් වැරදිකරු බව ප්‍රකාශයට පත්  කරන ලද අතර, ඒ පිළිබඳව දඬුවම් නියම කිරීම අද සිදුවිය. මෙහිදී එක් එක් චෝදනාවලට මාස හය බගින් සිරඳඩුවම් නියම කළ අතර එම සිරදඬුවම, එකවර ගෙවී යන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී.

    තවද  චෝදනා ඔප්පු වීම හේතුවෙන්, එම චෝදනා දෙකට, එක් එක් චෝදනාවන්ට රුපියල් 1500 බැගින් දඬ නියම කළේ ය. එමෙන් ම සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල්  50,000 ක වන්දියක් ගෙවීමටද  නියම  විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya